නීති හා විමර්ශන අංශය (Legal & Investigation Division)
සමූපකාර සමිතිවල විනය පවත්වාගෙන යාම,නීතිමය අර්ථකථන ලබාදීම,අධිකරණමය කටයුතු සහ විමර්ශන පැවැත්වීමේ කටයුතු මෙම අංශයේ කාර්යාභාරය වේ.
මෙම අංශය මගින් සබරගමුව පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර සමිති ප්‍රඥප්තියේ VIII වැනි පරිච්ඡේදයේ ප්‍රතිපාදනවලට අනුකූලව සමිතිවල විනය හා නෛතික කටයුතු මෙහෙයවීම සිදුකරයි.
ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්
- 1. සමූපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර්ගේ උපදෙස් පරිදි සමිතිවල සිදුවන වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව ප්‍රඥප්තියේ 46 හා 47 වගන්ති ප්‍රකාරව කටයුතු කිරීම.
- 2. දෙපාර්තමේන්තුවට එරෙහිව පවරන ලද නඩු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය නීතීඥ සහය ලබා ගැනීම සහ නෛතික අර්ථකථන ලබා ගැනීම.
- 3. මහේත්‍රාත් අධිකරණයේ විභාගවන තීරක තීන්දු බලගැන්වීමේ දී ඉදිරිපත් වන විරෝධතා සඳහා ප්‍රතිවිරෝධතා ගොනු කිරීම.
- 4. ආංශික චක්‍රලේඛ නිකුත් කිරීමේ දී අදාළ නෛතික නිර්දේශ කොමසාරිස්වරයා වෙත ලබා දීම.
නෛතික බලතල
46 වැනි වගන්තිය: සමිතියක කටයුතු පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම.
47 වැනි වගන්තිය: සමිතියක පොත්පත් සහ දේපළ පරීක්ෂා කිරීම.
මෙම වගන්ති ප්‍රකාරව විමර්ශන නිලධාරීන් විසින් සමිතිවල මූල්‍ය හා පාලන අක්‍රමිකතා පිළිබඳ ස්වාධීන වාර්තා සකස් කරනු ලබයි.
නීති හා විමර්ශන අංශයේ සංවිධාන සටහන
සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර්
▼
සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්
▼
සමුපකාර සංවර්ධන දිස්ත්‍රික් නිලධාරි
▼
මූලස්ථාන සමූපකාර සංවර්ධන නිලධරී (නීති හා විමර්ශන)
▼
සමූපකාර සංවර්ධන නිලධාරී (විමර්ශන)