📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

සබරගමුව පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර සමිති ප්‍රඥප්තියෙන් පැවරී ඇති කටයුතු ඉටුකිරීම මෙම අංශය මගින් සිදුකරයි. ලියාපදිංචි සමූපකාර සමිතිවල සංවර්ධනය සඳහා අවශ්‍ය නෛතික සහ පරිපාලන සහය ලබාදීම මෙහි මූලික අරමුණයි.

ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්

  • සබරගමු පළාත තුළ සමූපකාර සමිති ලියාපදිංචි කිරීම, අධීක්ෂණය, සහ සංවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබාදීම.
  • සමු.සං.කො.රෙ ගේ පූර්ව අනුමැතියෙන් සිදුකළ යුතු බවට ප්‍රඥප්තියෙන් පැවරී ඇති කර්යන් සඳහා අනුමැතිය ලබා දීම.
  • වත්කම් මිලදී ගැනීම, බැහැර කිරීමට අනුමැතිය ලබා ගැනීම.
  • නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හා ඒ සඳහා දරණ ප්‍රාග්ධන වැය සඳහා අනුමැතිය ලබා දීම.
  • සමූපකාර සංවර්ධන අරමුදලෙන් ණය ලබා ගැනීමට අනුමැතිය ලබා දීම.
  • සමූපකාර සමිතියක පිරිස් බල තක්සේරුව අනුමත කිරීම හා සංශෝධනය කිරිම.
  • සමූපකාර සේවක කොමිෂන් සභාව, සමූපකාර සංවර්ධන රේඛීය දෙපාර්තමේන්තුව හා අනෙකුත් සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධිත අයාතනවල අවශ්‍ය වාර්තා සැපයීම, සම්බන්ධීකරණය කිරීම හා මධ්‍යම රජය සමඟ සම්බන්ධීකර කටයුතු සිදුකිරීම.
  • මහජන පෙත්සම් හා සමිතිවල වංචා, දූෂණ හා අක්‍රමිකතාවලට අදාළ පරීක්ෂණ සිදුකිරීම හා නිර්දේශ සැපයීම.
  • අංශයේ කටයුතු සඳහා අදාළ චක්‍රලේඛ නිකුත් කිරීම සඳහා සමූපකාර සංවර්ධන කොමසාරිස් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • සමූපකාර සමිති සඳහා උපරිම ණය සීමා අනුමත කිරීම සඳහා නිර්දේශ සැපයීම.
  • සමූපකාර සමිති සඳහා හැකියා සහතික නිකුත් කිරීම සඳහා සමූපකාර සංවර්ධන කොමසාරිස් / රෙජිස්ට්‍රාර් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • සමූපකාර සමිතියක, තාවකාලික බැංකු ණය ලබා ගැනීම, බැංකු අයිරා පහසුකම් ලබා ගැනීම හා අයිරා කාලය දීර්ඝ කිරීම සිදු කිරීම.
  • සමූපකාර සමිතිවල නිලධාරීන් වෙත බැංකු ගිණුම් මගින් ගණුදෙනු සිදු කිරීම සඳහා ආදර්ශ අත්සන සහතික කිරීම හා නව ගිණුම් විවෘත කිරීම සඳහා අනුමැතිය ලබා දීම.
  • සමූපකාර සමිතිවල ව්‍යවස්ථාපිත විගණනයෙන් පසු ඉතිරි ලාභය විභාජනය කිරීම සඳහා අනුමැතිය ලබා දීම.

සංවර්ධන අංශයේ සංවිධාන සටහන

සමූපකාර සංවර්ධන කොමසාරිස් / රෙජිස්ට්‍රාර්
සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස්
සමූපකාර සංවර්ධන දිස්ත්‍රික් නිලධාරී
මූලස්ථාන සමූපකාර සංවර්ධන නිලධාරී (සංවර්ධන)
සමූපකාර සංවර්ධන නිලධාරී (කලාප නිලධාරීන්)

සේවාවන් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන

01. සමිතියක් සමුපකාර සමිතියක් ලෙස ලියාපදිංචි කිරිම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි
  • 1) සමිතියේ ඉල්ලීම් ලිපිය.
  • 2) සමුපකාර සමිතියක් වශයෙන් යෝජිත සමිතිය පිහිටුවා ගැනීමට හා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ගැනීමට තීරණය කළ යෝජනා ඇතුලත් මහා සභා රැස්වීම් / රැස්වීම් වලට අදාල ඡේදය ඇතුලත් සහතික කළ පිටපත / පිටපත්. (සහතිකයේ රීති මාලාවේ 45 වැනි ඡේදයට අදාලව).
  • 3) ආදර්ශ අතුරු ව්‍යවස්ථා පිටපත් දෙකක්.
    • I. අදාල මහා සභාවේ එම අතුරු ව්‍යවස්ථාව පිළිගත් බවට විස්තර සහිත සටහනක්, අතුරු ව්‍යවස්ථාවේ අවසාන පිටුවේ යොදා ගරු සභාපති හා ගරු ලේකම් යන දෙදෙනා අත්සන් කර තිබිය යුතුය.
    • II. අතුරු ව්‍යවස්ථාවේ අදාල ආදේශයන් සංශෝධනයන් සහිතව පිළිගැනීමට තීරණය කළ යෝජනාව ඇතුලත් මහා සභා රැස්වීමේ අදාල ඡේදය ඇතුලත් සහතික කළ වාර්තා පිටපත්. (සහතිකය රීති මාලාවේ 45 වන රීතියට අදාලව).
  • 4) යෝජිත සමිතියේ බලධාරීන් / කාරක සභාව තෝරා පත් කරගත් මහා සභා රැස්වීම් වල/ කාරක සභා රැස්වීම්වලට අදාල යෝජනා සම්මතයන් ඇතුලත් ඡේදයන් සහිත වාර්තාවේ සහතික කරන ලද පිටපත්.
  • 5) සමිතියේ ආරම්භයේ සිට ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරන දින දක්වා කාලයේ සමිතියේ ගනුදෙනු වලට අදාල මුදල් ගිණුම, ලාභාලාභ ගිණුම, හෝ ශේෂ පත්‍රයේ පිටපතක්.
  • 6) ශේෂ පත්‍රයේ / ප්‍රාග්ධන ගිණුමේහි දැක්වෙන ශේෂ සනාථ කිරිම සඳහා ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  • 7) අදාල රැස්වීම් වලට සහභාගි වූ සාමාජිකයන්ගේ නාමලේඛනය.
  • 8) සමිතියේ යෝග්‍යතාවය, ශක්‍යතාවය හා ආර්ථීක තොරතුරු ඇතුලත් වාර්තාවක්.
  • 9) සමිතිබල ප්‍රදේශය දැක්වෙන සිතියමේ හා ප්‍රසිද්ධ මාවතක සිට සමිති කාර්යාලයට ගමන් මාර්ගය දැක්වෙන මාර්ග සිතියමේ පිටපත් දෙක බැගින්.
  • 10) යෝජිත සමිති නිලධාරීන් / කාරක සභිකයින්ගේ විස්තර / අතුරු ව්‍යවස්ථානූකූලව සුදුසුකම් ලබා ඇති බව / නම,ලිපිනය, වයස, රැකියාව, අධ්‍යාපන සුදුසුකම්, සමාජ තත්වය හා සමිතිය ක්‍රමවත්ව පාලනය කිරිමට ඔවුන්ට ඇති ශක්තිය විද්‍යමාන වන වාර්තාවක්.
  • 11) සමුපකාර සංවර්ධන නිලධාරී නිර්දේශය.
02. සමුපකාර සමිතියක අතුරු ව්‍යවස්ථාවක් සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි
  • 1) සමිතියේ ඉල්ලීම් ලිපිය.
  • 2) මහා සභා රැස්වීම් කැඳවීමේ දැන්වීම් පිටපත.
  • 3) මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය.
  • 4) යෝජිත අතුරු ව්‍යවස්ථා සංශෝධන ඇතුලත් මහා සභා රැස්වීම් වාර්තා පිටපත (සභාපති හා තවත් කාරක සභිකයෙකු විසින් අත්සන් කර දිනය යොදා සහතික කරන ලද).
  • 5) අධ්‍යක්ෂ මණ්ඩල / කාරක සභාවේ තීරණය රැගත් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපත.
  • 6) සමිතියේ පවතින අතුරු ව්‍යවස්ථාවේ පිටපත.
  • 7) සමුපකාර රීති මාලාවේ 33 වැනි රීතියේ විධානයන් සම්පුර්ණයෙන් ඇතුලත් කළ බවට සභාපති හා ලේකම් විසින් අත්සන් කරන ලද සහතිකය.
  • 8) අතුරු ව්‍යවස්ථා සංශෝධනය යෝජනා කළ මහා සභා රැස් වීමට අදාල පැමිණීමේ සහතිකය.
  • 9) සමුපකාර සංවර්ධන නිලධාරී නිර්දේශය.
03. සමුපකාර සමිතියක් බැංකු ණයක්/ බැංකු අයිරා පහසුකමක් ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු ලේඛන
  • 1) සමුපකාර සමිතියේ ඉල්ලීම් ලිපිය.
  • 2) ණය මුදල ලබා ගැනීමේ තීරණය ඇතුලත් අධ්‍යක්ෂ මණ්ඩල / කාරක සභා රැස්වීම් වාර්තාවෙන් උපුටා ගත් සහතික කරන ලද පිටපත.
  • 3) උපරිම ණය සීමාව නියම කරගත් මහා සභා රැස්වීමේ සහතික කරන වාර්තා ඛණ්ඩය හා මේ වන විට සමිතියේ පිට ණය සීමාව පිළිබඳ වාර්තාව.
  • 4) අවසාන වරට විගණනය කරන ලද විස්තීරණ ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයන් හී සහතික කළ පිටපත්.
  • 5) ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල්ගත නොවූ ප්‍රාග්ධන ගිණුම.
  • 6) ණය ආයෝජනයට අපේක්ෂිත කරුණට අදාළ ශක්‍යතා වාර්තාව.
  • 7) අයිරා පහසුකම වෙනුවෙන් සුරැකුම් ලෙස තබන තැන්පතුවේ ශේෂය තහවුරු කරන ලේඛනයක්.
  • 8) සමුපකාර සංවර්ධන නිලධාරී නිර්දේශය.
04. බැංකු ගිණුමක් විවෘත කිරිම සඳහා ඉදිරිපත් කළ යුතු අවශ්‍යතාවයන්
  • 1) සමුපකාර සමිතියේ ඉල්ලීම.
  • 2) නිලධාරීන් පත් වූ සහ බලය පැවරූ මහා සභාවේ හා අධ්‍යක්ෂ මණ්ඩල / කාරක සභා රැස්වීම් වාර්තාවෙන් උපුටා ගත් සහතික කරන ලද වාර්තා පිටපත.
  • 3) නිලධාරීන් පත්කරන ලද පත් වීම් ලිපි වල (නම් කර ඇත්නම්) පිටපත්.
  • 4) මැන්ඩේට් හා ආදර්ශ අත්සන් කාඩ් පත්‍.
  • 5) බැංකු ගිණුමක් විවෘත කිරිමේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණ වාර්තාව.
  • 6) අතුරු ව්‍යවස්ථා පිටපතක් (අදාල ඡේදයේ සහතික පිටපතක්).
  • 7) අත්සන්කරුවන්ගේ අනන්‍යතා ලේඛනයක සහතික කළ පිටපත.
  • 8) සමුපකාර සංවර්ධන නිලධාරී නිර්දේශය.
05. සමුපකාර සමිතියක් විසින් වෙනත් සමුපකාර සමිතියකට ණය දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යුතු අවශ්‍යතාවයන්
  • 1) සමුපකාර සමිතියේ ඉල්ලීම.
  • 2) ණය දීමට එකඟවන සමිතියේ ණය දීම පිළිබඳ කොන්දේසි ඇතුලත් අධ්‍යක්ෂක මණ්ඩල වාර්තාව.
  • 3) ණය ගැනීමට අදහස් කරන සමිතියේ එම කොන්දේසි පිළිගැනීමට එකඟ වෙමින් ඉදිරිපත් කරන අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාව.
  • 4) සමිති දෙකෙහිම මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවන්.
  • 5) සමුපකාර සංවර්ධන නිලධාරී නිර්දේශය.
06. ග්‍රාමීය බැංකු අතිරික්තයෙන් වෙනත් අවශ්‍යතා සඳහා ණය ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතු අවශ්‍යතාවයන්
  • 1) සමුපකාර සමිතියේ ඉල්ලීම.
  • 2) අධ්‍යක්ෂක මණ්ඩල තීරණ වාර්තා පිටපත්.
  • 3) අවසාන වරට විගණනය කරන ලද විස්තීරණ ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයන් හි සහතික කළ පිටපත්.
  • 4) ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල්ගත නොවූ ප්‍රාග්ධන ගිණුම.
  • 5) බැංකසේවා කළමනාකරුගේ නිර්දේශය.
  • 6) ග්‍රාමීය බැංකු අතිරික්තයන් ගණනය කළ ගිණුම.
  • 7) ණය අවශ්‍යතාවය හා ප්‍රමාණය සනාථ කිරීමේ ඇස්තමේන්තුව.
  • 8) සමුපකාර සංවර්ධන නිලධාරී නිර්දේශය.
07. වත්කම් මිලදී ගැනීම / බැහැර කිරීම (ඉඩම්, තාක්ෂණික උපකරණ, වාහන, ඉදිකිරීම්)
1 ඉඩම් මිලදී ගැනීම
  • 1) සමුපකාර සමිතියේ ඉල්ලීම.
  • 2) මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්.
  • 3) අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය (අත්පත් කර ගැනීමට යෝජිත ඉඩමේ විස්තර ද සහිතව).
  • 4) විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන සහ ප්‍රාග්ධන ගිණුම.
  • 5) මහා සභාව අනුමත කළ සංවර්ධන සැලැස්මේ සහතික කළ පිටපත.
  • 6) පිළිගත් ආයතනයකින් ලබාගත් තක්සේරු වාර්තාව.
  • 7) ශක්‍යතා වාර්තාව, මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව සහ ව්‍යාපෘති වාර්තාව.
  • 8) දේපළ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.
  • 9) බිම් සැලැස්ම, ඔප්පුව සහ වසර 10ක සේවා පළපුරුද්ද ඇති නීතීඥවරයකුගේ හිමිකම් වාර්තාව.
  • 10) වසර 30ක පත් ඉරු සටහන් සහ NBRO නිර්දේශය.
  • 11) සමුපකාර සංවර්ධන නිලධාරියාගේ නිර්දේශය.
2 තාක්ෂණික උපකරණ මිලදී ගැනීම
  • 1) සමූපකාර සමිතියේ ඉල්ලීම සහ මහා සභා/අධ්‍යක්ෂ මණ්ඩල තීරණ පිටපත්.
  • 2) පිරිවිතර, මිල ගණන් කැඳවීම් සහ තාක්ෂණික වාර්තා.
  • 3) විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන සහ සංවර්ධන සැලැස්ම.
  • 4) ශක්‍යතා අධ්‍යන වාර්තාව සහ ව්‍යාපෘති වාර්තාව.
  • 5) කැඳවන ලද මිල ගණන් (ප්‍රවර්ධන දීමනා හා සේවා විස්තර සහිතව).
  • 6) අරමුදල් සපයා ගන්නා ආකාරය සහ නිලධාරී නිර්දේශය.
3 ගොඩනැගිලි ඉදිකිරීම /ගොඩනැගිලි නවීකරණය
  • 1) මහා සභා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහතික කළ තීරණ වාර්තා.
  • 2) වීථිරේඛා, නොපරවා ගැනීමේ සහතික සහ NBRO නිර්දේශය.
  • 3) රජයේ වරළත් ඉංජිනේරු/තාක්ෂණික නිලධාරී විසින් සහතික කළ සැලැස්ම හා වැය ඇස්තමේන්තුව.
  • 4) ඉඩමේ නිරවුල් අයිතිය තහවුරු කරන ලේඛන (ඔප්පු සහ පත් ඉරු).
  • 5) ව්‍යාපෘති හෝ යෝග්‍යතා වාර්තාව සහ නිලධාරී නිර්දේශය.
08. ලාභ බෙදීමක් අනුමත කිරීමට අදාලව ඉදිරිපත් කළ යුතු අවශ්‍යතාවයන්
  • 1) සමිතියේ ඉල්ලීම් ලිපිය.
  • 2) ලාභ බෙදීම් සැලැස්ම ඇතුලත් මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්.
  • 3) අධ්‍යක්ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය (සහතික කරන ලද).
  • 4) ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල්ගත නොවූ ප්‍රාග්ධන ගිණුම හා ද්‍රවශීලතා වාර්තාව.
  • 5) අවසාන වරට විගණනය කරන ලද විස්තීරණ ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයන් හි සහතික කළ පිටපත්.
  • 6) යෝජිත ලාභ බෙදීම් වර්ෂය / වර්ෂ වල විගණනයට භාජනය කරන ලද විස්තීරණ ආදායම් ප්‍රකාශයේ පිටපත.
  • 7) සමුපකාර සංවර්ධන නිලධාරී නිර්දේශය.