📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

තිරසාර සංවර්ධනයක් උදෙසා ශක්තිමත්
සමුපකාර ව්‍යාපාරයක්

චම්පා ජානකී රාජරත්න මැතිණිය

ගරු ආණ්ඩුකාරතුමිය

ඊ.කේ.ඒ. සුනීතා මහත්මිය

ප්‍රධාන ලේකම්

එස්.පී.කේ. බෝධිමාන්න මහත්මිය

ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්

නිශාන්ත සමන් කුමාර මහතා

සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ටාර්

දැක්ම සහ මෙහෙවර

අපගේ දැක්ම

ප්‍රජා ව්‍යවසායකත්වයේ නියමුවා වීම

අපේ මෙහෙවර

සබරගමුව පළාත් සමූපකාර ප්‍රඥප්තිය ප්‍රකාරව, පළාත් සමූපකාර ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, තාක්ෂණය, පර්යේෂණය, අධ්‍යාපනය, විගණනය, පුහුණු සේවා සම්බන්ධ නිර්ණයක සම්පාදනය, අධීක්ෂණය හා ඇගයීම, නිෂ්පාදන, අලෙවි හා මූල්‍ය කටයුතු, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මාර්ගෝපදේශයන් සැලසීම තුළින් පළාත් සමූපකාර ව්‍යාපාරය‍ හා ප්‍රජාව නගා සිටුවීම සඳහා සානුබල සැපයීම.

සමූපකාර සංවර්ධන කොමසාරිස්ගේ පණිවිඩය

Provincial Commissioner

නිශාන්ත සමන් කුමාර

සමූපකාර සංවර්ධන කොමාසාරිස්/රෙජිස්ට්‍රාර්, සබරගමුව පළාත

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට සාදරයෙන් පිළිගනිමු !

නූතන තාක්ෂණික දියුණුව සමඟ අත්වැල් බැඳගනිමින්, සබරගමුව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව සතුටට පත් වෙමි. රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කරමින්, රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයකින් යුතුව මහජනතාව වෙත සමීප කිරීම අපගේ ප්‍රමුඛ අරමුණයි.

වත්මන් රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය තුළ තොරතුරු තාක්ෂණය භාවිතය සුඛෝපභෝගී සාධකයකට වඩා අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් බවට පත්ව ඇත. රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුගත වෙමින් මෙම වෙබ් අඩවිය ස්ථාපිත කිරීම හරහා කාලය, ශ්‍රමය සහ මුදල් යන භෞතික සම්පත් අරපිරිමැස්මෙන් යුතුව කළමනාකරණය කිරීමට අපට අවස්ථාව උදා වේ. කඩදාසි භාවිතයෙන් තොර (Paperless) කාර්යාල පරිසරයක් කරා යන ගමනේදී මෙය සුවිශේෂී සන්ධිස්ථානයකි.

ග්‍රාමීය ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වූ සමුපකාර ව්‍යාපාරය, නවීන ලෝකයේ තරඟකාරීත්වයට මුහුණ දීම සඳහා තොරතුරු තාක්ෂණය වැළඳ ගැනීම අත්‍යවශ්‍ය වේ. සමුපකාර සමිතිවල විනිවිදභාවය තහවුරු කිරීමටත්, සාමාජිකයින් වෙත කඩිනම් හා ගුණාත්මක සේවාවක් සැපයීමටත් තාක්ෂණික මුහුණුවරක් ලබා දීම කාලීන අවශ්‍යතාවකි.

​සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස අපගේ කාර්යභාරය වන්නේ සමුපකාර සමිති ලියාපදිංචි කිරීම, විගණනය සහ උපදේශනය පමණක් නොව, එම සමිති නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් සබල ගැන්වීමයි

​මෙම තාක්ෂණික මෙහෙවර සහ දෙපාර්තමේන්තුවේ සමස්ත ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීම සඳහා අපට නිරන්තර මඟපෙන්වීම් සහ ශක්තිය ලබා දෙන සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර තුමියටත්, පළාත් ප්‍රධාන ලේකම්තුමියටත්, අප විෂයභාර අමාත්‍යාංශ ලේකම්තුමියටත් මාගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමි. ​එසේම, මෙම සේවාවන් සාර්ථකව ජනතාව වෙත රැගෙන යාමට කැපවී ක්‍රියා කරන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහයෝගයත්, සමුපකාර ව්‍යාපාරයේ සැබෑ උරුමකරුවන් වන සමුපකාර සමිතිවල ක්‍රියාකාරී දායකත්වයත් මම අගය කොට සලකමි. ඔබ සැමගේ සාමූහික සහයෝගය ඉදිරියේදී ද අප දෙපාර්තමේන්තුව ලබන ජයග්‍රහණවල පදනම වනු ඇත.

​සබරගමුව පළාතේ සමුපකාර ව්‍යාපාරය නව තාක්ෂණික මාවතක් ඔස්සේ ඉහළ තලයකට ඔසවා තැබීමට මෙම අන්තර්ජාලගත පරිගණක පද්ධතිය මහඟු පිටුවහලක් වේවායි විශ්වාස කරමි.

559

ලියාපදිංචි ක්‍රියාකාරි සමිති සංඛ්‍යාව

2000+

සේවකයින් ගණන

800000+

සාමාජිකයින් සංඛ්‍යාව

261

ග්‍රාමීය බැංකු සංඛ්‍යව

27

ඉන්ධනහල් සංඛ්‍යාව

200+

වෙළද සැල්

Loading System

Preparing your secure connection...

සම්බන්ධ වීම් හා ප්‍රවේශ වීම්

අප සමඟ සම්බන්ධව, අපගේ වෙබ් පද්ධති වෙත ප්‍රවේශ වන්න

🌐

වෙබ් පද්ධති

SECURE
SECURE